තුන් හෙලය එක්සේසත් කළ ශ්‍රේෂ්ඨ ගැමුණු රජතුමන් එලාර රජු සමග සටන් වැදීමට ගිය ගමන් මගෙහි වූ ස්ථානයක ප්‍රදේශවාසීන් විසින් රජුන් ප්‍රමුඛ හේවා භටයන්ට මුර දන් දීමක් සිදු කර ඇති ස්ථානය මරදන්කඩවල ලෙසට නම් කළ බව ජනප්‍රවාදයෙහි පැවසේ.එම ප්‍රදේශයේ පිහිටි ගල් විහාරයේ වැඩ සිටි හෙල වෙදකමට පරසිදු වූ රාහුල නම් ස්වාමීන් වහන්සේ විසින් 1905 ජනවාරි 05 වන දින තැපැල් කාර්යාලය පවතින ස්ථානයේ ළමුන් 10 දෙනෙකුගෙන් ශිල්ප ශාලාවක් ආරම්භ කරන පද බව ප්‍රදේශයේ විද්වතුන් පවසති.පසුව දැනට පාසල පාසල පවතින ස්ථානයට ගෙනෙන ලද අතර එහි කාන්තා හා පිරිමි ලෙස වෙන්ව පාසල පැවැත්වීමක් සිදු වී අතර ඉන්පසු දෙමළ සහ සිංහල ලෙසට අංශ දෙකක් යටතේ පාසලෙහි පරිපාලන කටයුතු සිදුව ඇත.
දෙමළ විද්‍යාලය මරදන්කඩවල නගරය ආසන්නෙහි අල් අමීන් විද්‍යාලය ලෙස වෙන්ව යාමෙන් පසු මිශ්‍ර සිංහල පාසලක් ලෙස ස්ථාපිත වූ බව ලොග් සටහන් පිටපත් සාක්ෂි දරයි.එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යව සිටි එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා 1956 සැප්තැම්බර් මස 16 වන දින හිටපු සංස්කෘතික උප ඇමතිවරයෙකු වූ පතිරාජ තෙන්නකෝන් මහතාගේ ආරාධනයෙන් පාසලේ පැවති ප්‍රදර්ශනයක් නැරඹීමට පැමිණ ඇති බවත් එහිදී සියලු දෙනාගේ එකගතාවයෙන් විද්‍යාලය මරදන්කඩවල ශ්‍රී රාහුල ආදර්ශ මහා විද්‍යාලය ලෙසට නම් කිරීමත් දැනට පවතින ප්‍රධාන ශාලාවට මුල් ගල තැබීමත් සිදු වූ බවට සදහන් වේ.වර්තමානයේ උමැප/අ/කැකි/කැකි/ ශ්‍රී රාහුල මහා විද්‍යාලය,මරදන්කඩවල නමින් හැදින්වෙන විද්‍යාලය 1 – 13 ශ්‍රේණි දක්වා පන්ති පවත්වන 1 – C වර්ගයේ පාසලක් ලෙසට අගනා දූ දරුවන් සිරිලක් දරණි තලයට දායාද කරමින් සමාජ ගතව සිටී.
|
ආරම්භ කළ වර්ෂය |
1905 ජනවාරි 05 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
රාහුල හිමි |
|
පාසලේ ආදි කතෘගේ නම |
රාහුල හිමි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මරදන්කඩවල අ / ශ්‍රී රාහුල මහා විද්‍යාලය |
