විදුහල්පති පණිවිඩය

දරුවන්ට අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නොමඅති බව සදාතනික සත්‍යයකිි.මෙය විධිමත් හා අවිධිමත් ලෙස වර්ග කළ හැකිය.මානවශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිට පැවත එන අවිධිමත් අධ්‍යාපනය දැනට සියවස් ගණනකට පෙර සිට විධිමත් අධ්‍යාපනයට යොමුවිය.පෙළ පොතක් පදනම් කරගෙන විෂය නිර්දේශයකට අනුව කාලසටහනක් මත විධිමත් අධ්‍යාපනය දිග හැරෙන අතර පාසල්,විශ්ව විද්‍යාල,උසස් අධ්‍යාපන මට්ටමින් ක්‍රියාත්මක වේ.මේ නිසාම හෙට ලෝකය අද දැකීමට දරුවන්ට අවකාශය ලැබී තිබේ.මෙයට නව තාක්ෂණය මුසු වීමත් සමගම එය ලෝකය අභික්‍රමණය කිරීමට සමත්ව පවතී.තවද අධ්‍යාපනය ඵලදායි වන්නේ සාරධර්ම,ගුණ ධර්ම සහ අගය කිරීම් එයට මුසුවීමෙනි.සමබර දරුවෙකු ලොවට දායාද කිරීමට මෙම ගුණාංග නැතුවම බැරිය.
ඒ අනුව කැකිරාව අධ්‍යාපන කලාපයේ , කැකිරාව අධ්‍යාපන කොට්ඨාසයේ මරදන්කඩවල අ/ශ්‍රී රාහුල මහා විද්‍යාලය මහා ප්‍රඥයින් බිහි කළ තක්ෂලාවකි.මෙම අභිමානය ඉදිරියටත් රැගෙන යාමට අප වෙර දරන අතර හුදෙක්ම මෙය දෙමව්පියන්ගේත්, ඇදුරු මඩුල්ලේත් සිසු දරුවන්ගේත් දැලි කැපවීම මත රදා පවතින බව ඔබෙත් මාගෙත් විස්වාසයයි.ඒ සදහා මෙහි සරුඵල නෙලා ගැනීමට ශක්තිය ,ධෛර්යය, වාසනාව ලැබේවායි මාගේ පැතුමයි.
විදුහල්පති
ශ්‍රී රාහුල මහා විද්‍යාලය