පාසල් ගීතය
සැරදේ විදුහල් මාතා - වොරැදේ විදුහල් මාතා //
සිරිලක රජරට පරිසරයේ කෙත්වතු සරු බිම් අතරේ
වැජඹෙන කිත්සිරියෙනි සුපතල
සැරදේ විදුහල් මාතා - වොරැදේ විදුහල් මාතා //
දෑ කුලබේද සැමා නොතකා
එක මවකගේ දරුවන් විලසා
ඉදිරියටම යමු බාධක මඩිමින්
ලක්මවකගේ දියුණුව උදෙසා
සැරදේ විදුහල් මාතා - වොරැදේ විදුහල් මාතා //
දෙසබස රැස දියුණුව සදහා
යහපත් පුරවැසියන් වඩනා
මරදන්කඩවල අගරැජිනිය ඔබ
සැරදේ අප විදුහල් මාතා
සැරදේ විදුහල් මාතා - වොරැදේ විදුහල් මාතා //